සෙම නරක් වුණාම කොරෝනා පොසිටිවු වෙනවා... කොරෝනා ගැන තවත් නිගමනයක්

azad sally
By Thaya Dec 27, 2020 07:07 PM GMT
Thaya

Thaya

Report

මෙරට මියගොස් ඇති කොරෝනා ආසාදිතයන් ගෙන් 120 දෙනෙකුම මුස්ලිම් ජාතිකයන් බව ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා සඳහන් කරයි.

කොරෝනා මෘත දේහ භූමදානය කළ හැකි බවට සියලු විශේෂඥයන් පවසද්දී රජය එම අවසරය ලබා නොදෙන බව ඔහු පැවසීය.

ලොව පුරා රටවල් 194ක පමණ භූමදානය කරද්දී ශ්‍රී ලංකාව ආදානය කරන්නේ කුමන විද්‍යාත්මක පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කරයි.

ඔහු මේ බව සදහන් කලේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එසේම සෙම නරක් වූ විට කොරෝනා ධනාත්මක වන බවත් තාක්ෂණික කමිටුවට එය නොතේරෙන බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.