මෙරට පළමු කාන්තා DIGගේ අයිතිවාසිකම් රැකගැනීමට මන්ත්‍රීවරියන් එක්වෙයි

Rights
By Thaya Feb 19, 2021 08:36 PM GMT
Thaya

Thaya

Report

මෙරට ඉතිහාසයේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් වූ බිම්ශානී ජාසිංහආරච්චි මහත්මියගේ වෘත්තිය අයිතිවාසිකම් සහ රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පෙනීසිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව සඳහන් කර තිබේ. බිම්ශානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පති ධුරයට පසුගියදා උසස් වීම් ලැබුවේ නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් පළමු නිලධාරිනිය ලෙස මෙරට ඉතිහාසය අලුත් කරමිනි. නමුත් එම පත්කිරීම බලරහිත කරන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 32දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබේ.

ජාසිංහආරච්චි මහත්මිය එම ධුරයට පත්කෙරුණ ද එම පත්කිරීමට අදාළ රෙගුලාසිවල ‘කාන්තා’ යන වචනය නොමැති බව ඔවුන් පෙන්වා දී ඇත. එබැවින් කිසිදු පොලිස් නිලධාරිනියකට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්විය නොහැකි බව පෙත්සම්කරුවන් පවසා තිබේ. එම පත්කිරීම නිසා තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව පවසන පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ එම පත්කිරීම බලරහිත කරමින් නියෝගයක් ලබාදෙන ලෙසය. මේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අද (18) පාර්ලිමේන්තුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පෙත්සම් ගොනුකළ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, “පොලිස් කාන්තාවන්ට තම දක්ෂතාවය අනුව ඉහළට යාමේ අවකාශය තිබිය යුතුයි. අවස්ථාව නොදීම කාන්තාවන් වෙනස්කොට සැලකීමක්. බලවත් අප්‍රසාදය පළ කරනවා. “ යෝජ්‍ය පොලිස්පතිවරියගේ රැකියාවේ සුරක්ෂිතතාවය වෙනුවෙන් පෙනී සිටින බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය ද පැවසුවාය