මන්ත්‍රී පුතෙකු පොලිස් අත්අඩංගුවට...ප්‍රසිද්ධියේ බලය පෙන්නන්න ගිහින්.

Police
By Thaya Jan 15, 2021 11:41 AM GMT
Report

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනා මතයි.

මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇත.

අනතුරුව දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර තර්ජනය කර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇත.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නැත.