ආණ්ඩුවට මන්ත්‍රී චම්පිකගෙන් චෝදනාවක්...
Government
By Thaya
කොළඹ නගරයේ අධි වටිනාකමින් යුත් රජයේ ඉඩම් අක්කර 87ක් විකුණා දැමීමේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව සැළසුම් කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා. ආණ්ඩුවේ එම උත්සහය පරාජය කිරීමට සමගි ජනබලවේගය සූදානම් බවයි මන්ත්‍රිවරයා අවධාරණය කරන්නේ.
රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබදව අස්ගිරි සහ මල්වතු මහනාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා අද මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා මේ බව කියා සිටියා. දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හරහා ආණ්ඩුව සැළසුම් කරමින් සිටින්නේ විපක්ෂයේ දේශපාලන ක්‍රියාකාරින් මර්ධනය කිරීමට බවත් එවැනි උත්සහයන්ට විපක්ෂය බිය නොවන බවත් පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළා.