පානදුරේ ඝාතන සිද්ධියට තුවක්කුරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගත් ස්ථානය

Panadura
By Thaya Jan 31, 2021 06:00 PM GMT
Report

පානදුර, උතුර පොලිස් වසමේ පල්ලිමුල්ල ප්‍රදේශයේදී පසුගිය 25 වෙනිදා දින ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය සොයා ගෙන තිබෙනවා.

මෙම මිනීමැරුම් සිද්ධියට අදාල සැකකරුවන් පැමිණි බව කියන යතුරුපැදිය පානදුර දකුණ පොලිස් වසමේ අළුබෝමුල්ල , ඌරුකඩුව තොටුපල අසල බොල්ගොඩ ගඟේ සගවා තිබියදී මිට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.