මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක්

Report

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් (Motor Traffic Department Under Investigation)  මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන් ව්‍යාජ තොරතුරු යොදා තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය  සදහන් කරනු ලබයි.

ව්‍යාජ තොරතුරු යොදා ගෙන ලියාපදිංචි කළ වාහන 8 ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පසුගිය සති කිහිපයේදී පොලිස් භාරයට ගැණුනි.

ඒ සම්බන්ධ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වාහන රේගුවට වසන් කර මෙරටට ආනයනය කර පසුව පැරණි වාහනවල චැසි අංකවලට ලියාපදිංචි කර ඇති බවයි. ව්‍යාජ තොරතුරු යොදා ගෙන ලියාපදිංචි කළ වාහන 8 ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී පසුගිය සති කිහිපයේදී පොලිස් භාරයට ගැණුනි.

“ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් ඉන්නවා” - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා

“ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් ඉන්නවා” - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා

එම ජාවාරමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ සහය ලැබී ඇති බව මූලික විමර්ශනවලදී තහවුරු වී තිබේ. පොලිස් විමර්ශන වලදී ඇතැම් මොටර් රථ ලියාපදිංචිය සඳහා දත්ත පරිගණකවලට ඇතුළත් කර ඇත්තේ කාර්යාලයීය වේලාවලින් පසුව බවයි .

ඒ අනුව අධිකරණ නියෝග මත මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිප දෙනෙකුගෙන් මේ වනවිටත් ප්‍රකාශ ලබා ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

සා.පෙළ අයදුම්පත් කැදවයි,අයදුම් කරන්නේ මෙහෙමයි

සා.පෙළ අයදුම්පත් කැදවයි,අයදුම් කරන්නේ මෙහෙමයි