“ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් ඉන්නවා” - පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා රූපවාහිනී නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකදී ආණ්ඩුව ඇතුළේ සමලිංගිකයන් සිටින බව ප්‍රකාශ කර තිබේ.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, කිසිම දෙමව්පියෙකු තම දරුවා සමලිංගික වීමට කැමැත්තක් නොදක්වන බවත්, හින්දු, බුද්ධාගම සහ ඉස්ලාම් ආගම්වල මෙවැනි දේවලට ඉඩක් නොමැති බවත්ය.
“කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, මම වෛද්‍ය ක්‍රමවලින් විසඳුමක් ලබා දෙන්නම්. රට නාස්ති කරන්න බැහැ. අපිට පිටරටින් මිනිස්සු ගෙනල්ලා ‘LGBTQ’ චිත්‍රපට පෙන්වන්න බැහැ. කාගේවත් දරුවෙක් විනාශ වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. මේ රට ඇමරිකාවක් කරන්න එපා. ඒක නීතිගත කරලා අනාගත පරම්පරාව විනාශ කරන්න එපා” යි ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රකාශය සමාජ මාධ්‍යවල දැඩි විවාදයක් ඇති කර ඇති අතර, LGBTQ සමාජයේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටින කණ්ඩායම් විසින් මෙය දැඩි ලෙස විවේචනය කර තිබේ. රජයේ තීරණ ගැනීමේදී මෙවැනි ප්‍රකාශ බලපෑම් කළ හැකි බවත්, ආගමික සහ සංස්කෘතික සාධක මත පදනම්ව මෙවැනි මතයන් ඉදිරිපත් කිරීම සමාජ බෙදීම් ඇති කළ හැකි බවත් විචාරකයෝ පෙන්වා දෙති.