ජවිපෙ ගැන මෝටිවේෂන් අප්පච්චි ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..(VIDEO)
ජනතා විමුක්ති පෙරමුණට අවශ්‍ය රට හැදීම නොව බලය අල්ලා ගැනීම පමණක් බව ගාළු මුවදොර අරගලය ආරම්භක අවදියේ එහි ඉදිරිගාමීව කටයුතු කල යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන මෝටිවේෂන් අප්පච්චි නොහොත් සංජු සමරසිංහ සඳහන් කරයි.
ජනතා විමුක්ති පෙරමුණ තුළ සිටින්නේ කුහක පුද්ගලයන් බවත් ගෝල්පේස් අරගල භූමියේදී තමන් එය පුද්ගලිකව අත්විඳි බවත් ඔහු පවසයි.
ජනතා විමුක්ති පෙරමුණ ගාළු මුවදොර අරගලය තමන් සතු කර ගැනීමට එදා අරගල භූමියෙන් තමන් ඉවත් කිරීමට කටයුතු කළ බවත් අද වන විට ඔවුන්ගේ ප්‍රධාන දේශපාලන හතුරකු බවට තමන් පත්ව සිටින බවත් ඔහු කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදී ඔහු තව දුරටත් පවසන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමන්ද අපේක්‍ෂකයෙකු ලෙස තරග වදින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |