මව ගිනි තබා ගෙන මියගියා.. පියා භාරයේ සිටි දැරියන් දෙදෙනා කෙලෙසූ කදුලු කතාව.

burn to death girls raped
By Thaya Dec 25, 2020 11:28 AM GMT
Report

පියා භාරයේ සිටියදී පිටස්තර පුද්ගලයන් දෙදෙනකු අතින් අපයෝජනයට ලක්වූ බව කියන බාල වයස්කාර දැරියන් දෙදෙනකු ඔවුන්ගේ ලොකු අම්මා භාරයට පකිරීමට කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් යූ.එස්.කේ.කේ. වැරනියගොඩ මහතා නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම වින්දිත දැරියගේ මව සිරුරට ගිනි තබාගෙන මියගොස් ඇති අතර ඔවුන් පියා භාරයේ සිටියදී පියාගේ මිතුරන් දෙදෙනකු අතින් අපයෝජනයට ලක්ව ඇති බවත් ගල්නෑව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

එම තත්වය අනුව වින්දිත දැරියන් දෙදෙනා ඔවුන්ගේ පියා භාරයේ රැඳවීම තවදුරටත් සිදුකළ නොහැකි බැවින් දරුවන්ගේ භාරකාරීත්වය ලොකු අම්මා වෙත පවරන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව දැරියන් දෙදෙනා ඔවුන්ගේ ලොකු අම්මා භාරයට පත් කළ අධිකරණය ඒ පිළිබඳව අධීක්‍ෂණය කර වාර්තාවක් අධිකරණයට ලබාදෙන ලෙසට කැකිරාව අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කේ.කේ. කීර්තිරත්න මහතාට නියෝග කළේය. වින්දිත දැරියන් වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කීර්ති පතිරත්න මහතා සඳහන් කළේ සැමියාගෙන් සිදුවන හිරිහැර ඉවසාගත නොහැකි වූ දැරියන්ගේ මව සිරුරට ගිනි තබාගනිමින් මියගොස් ඇති බවත් ඉන් අසරණ වී ඇත්තේ දරුවන් දෙදෙනා බවය. පියාගේ රැකවරණය යටතේ සිටි දැරියන් පියාගේ මිතුරකු සහ වෙනත් බාහිර පුද්ගලයකු අතින් අපයෝජනයට ලක්ව ඇති බවත් දරුවන්ගේ යහපත වෙනුවෙන් ඔවුන් පියා භාරයෙන් ඉවත් කර ලොකු අම්මා භාරයට ලබාදීමට නියෝග කරන ලෙසට ඒ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය දැරියන් දෙදෙනා පියා භාරයෙන් ඉචත් කර ඔවුන්ගේ ලොකු අම්මා භාරයට ලබාදෙමින් නඩුව කල් තැබීය.