කරපිංචා කඩමින් සිටියදී විදුලිසැර වැදී මව සහ දියණිය මරුට
ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අද (07) උදෑසන 10.00 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මේ අයුරෙන් මියගොස් ඇත්තේ 46 හැවිරිදි මවක් සහ 13 හැවිරිදි දියණියක් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.
මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ, කචරපිංචා ගසක කරපිංචා කඩමින් සිටියදී බිම වැටී තිබූ විදුලි රැහැනක ගැටීම හේතුවෙන් දෙදෙනාට විදුලි සැර වැදී මෙම මරණ සිදුව ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහා පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.