නැවතත් වැඩිම ආසාදිතයන් කොළඹින්

Covid-19 Sri Lanka Colombo
By Thaya Feb 08, 2021 05:03 PM GMT
Report

ශ්‍රී ලංකාවේ වැඩිම කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තාවන දිස්ත්‍රික්කය ලෙස කොළඹ දිස්ත්‍රික්කය ඊයේ දිනයේදීත් පත්ව තිබේ. ඊයේ ශ්‍රි ලංකාවෙන් කොවිඩ් ආසාදිතයන් 772ක් වාර්තා වී තිබෙන අතර එයින් පුද්ගලයන් 245ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ගම්පහ ආසාදිතයන් 214ක්, රත්නපුර ආසාදිතයන් 53ක් ලෙස දෙවැනියට හා තෙවැනියට වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වී තිබේ. සෙසු ආසාදිතයන් 260 දෙනා දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.