වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමූවූ නගර සභා සීමාව

sri lanka Covid 19 Helth tips
By Sithumi May 16, 2021 01:21 PM GMT
Sithumi

Sithumi

Report

නුවරඑලිය මහ නගර සභා සිමාවෙන් (15) දින වැඩිම කොවිඩ 19 වෛරසය අසාදනය වු අසාදිතයන් පිරිසක් වාර්තා වු බවත් , එම පිරිස 173 ක් බවයි නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් කියා සිටියේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයේ (15) දින අසාදිතයන් 288 දෙනෙකු වාර්තා වු අතර , එම අසාදිතයන් වලපනේ , හගුරන්කෙත , කොත්මලේ ,අඹගමුව සහ නුවරඑලිය ප්‍රදේශවලින් වාර්තා වු බවත්,ඉන් අසාදිතයන් 173 දෙනෙකු නුවරඑලිය මහ නගර සභා සිමාවෙන් වාර්තා වන බවයි නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරින් කියා සිටින්නේ.

දින තුනක් දිවයින පුරා සංචරණ සිමා පැනවිමෙන් පසු (17) දින අලුයම 4 සිට එම සංචරණ සිමා ඉවත් කරන නිසා නුවරඑලිය නගරයේ පොදු ස්ථාන විෂබිජහරණය කිරිමේ කටයුතු නුවරඑලිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරින් විසින් (16) දින සිදු කරනු ලැබුහ. නුවරඑලිය මහ නගර සභාවේ නාගරික මන්ත්‍රි නිතිඥය එන්.

යෝගරාජා (විපක්ෂ) පවසන්නේ නුවරඑලිය නගර සභා සිමාවේ කොවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය කර තිබු බවත්, ඉකුත් මස මහ නගර සභාව මගින් පැවැත් වු වසන්ත උදානයට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණිම හේතුවෙන් අසාදිතයන් වැඩි පිරිසක් නුවරඑලියෙන් හමුවන බවයි. ප්‍රදේශවාසින් ද කියා සිටින්නේ නුවරඑලිය වසන්ත උදානය හේතුවෙන් කොවිඩ් 19 වෛරසය නුවරඑලිය නගර සිමාව පුරා පැතිර ගොස් ඇති බවයි.