කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පුද්ගලයන්ට මූල්‍ය ත්‍යාගයක්

Money Sri lanka russion
By Sithumi Jul 30, 2021 11:05 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් මර්දන එන්නත් ලබාගත් පුද්ගලයින්ට මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබෙනවා.

ඒ අනූව මාත්‍රා සම්පූර්ණ කළ පුද්ගලයින්ට ලබාදීමට අපේක්ෂිත මුදල, අමෙරිකානු ඩොලර් 100 ක්. ඩෙල්ටා ප්‍රභේද ව්‍යාප්තියත් සමඟ එන්නත ලබාගැනීම සඳහා ජනතාව තුළ උනන්දුවක් ඇති කිරීම, එම වැඩපිළිවෙළේ අරමුණයි. 

එන්නත් විශාල ප්‍රමාණයක් නොමිලේ ලොව පුරා බෙදා හරිමින් තිබියදී සිය පුරවැසියන් එන්නත ලබාගැනීමට උනන්දුවක් නොදැක්වීම පිළිබඳ කණගාටු වන බව ජෝ බයිඩන් පැවසුවා.

ආදරය කරන පුද්ගලයින් සහ රට වෙනුවෙන් එන්නත ලබාගන්නැයි ඔහු අමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කළා. එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ දත්ත වලට අනුව, මිලියන 330 ක ජනගහනයෙන් දළ වශයෙන් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 163.8 ක ජනතාවක් පමණයි. 

එන්නත ලබාගෙන නොමැති සියලු රාජ්‍ය සේවකයින් සතිපතා හෝ සති දෙකකට වරක් පීසීආර් පරීක්ෂණක් සිදුකිරීම ද අනිවාර්ය කර තිබෙනවා. මේ වන විට අමෙරිකාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 500 කට ආසන්නයි. ආසාදිතයින් අසූදහසකට අධික සංඛ්‍යාවක් ද දෛනිකව එරටින් වාර්තා වනවා.