සංකීර්ණ ශල්‍යකර්මයකින් පසු ජිවිතේ පළමු වරට කන් ඇසෙන්නට පටන් ගත් මොහොත

hearing
By Thaya Feb 26, 2021 05:54 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ සංකීර්ණ ශල්‍යකර්මයකින් උපතින්ම කන් නෑසුණු වයස අවුරුදු දෙකයි මාස 04ක් වයසැති දැරියකට කන් ඇසීමට සැලැස්වීමට හැකිවීමට උගුර කණ සහ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජිවනි රූපසිංහ ඇතුළු වෛද්‍ය මඩුල්ලකට හැකියාව ලැබුණා.

පසුගිය පෙබරවාරි මස 07 වෙනිදා සිදුකළ මෙම ශල්‍යකර්මයේ ප්‍රථිපලය පසුගිය 24 වෙනිදා තහවුරු කර ගැනීමට හැකිවූ බවයිවිශේෂඥ වෛද්‍ය සංජිවනි රූපසිංහ සඳහන් කලේ.

උපතේදී කන් නෑසෙන දරුවන්ට හැකි ඉක්මනින් ශල්‍යකර්මයක් සිදුකිරිම මගින් ශ්‍රවණාබාධ මග හරවා ගැනීමට හැකිවන බවයි විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එකම දිනයේ සිදුකළ පළමු ද්විත්ව කර්ණශංඛ බද්ධය මෙය වන බවයි ඇය සඳහන් කළේ.

මේ එම ශල්‍යකර්මය සිදුකළ විශේෂඥ වෛද්‍යවරිය සමග සිදුකළ සම්පුර්ණ සම්මුඛ සාකච්ජාවයි