පාතාලයේ කලු සල්ලි සුදු කරන නිරූපණ ශිල්පිනියන්ගේ සහ නළු නිළියන් ගැන මධුමාදවගේ අනාවරණය. (VIDEO)
මධුමාධව අරවින්ද කියන්නේ ලංකාවේ ජනප්‍රිය සහ දක්ෂ ආදරණිය ගායකයෙක්.
නමුත් පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා වගේම ඔහුගේ විවාහය සමඟ කාලයක් සමාජය තුළ කතා බහට ලක්වුණා
හැබැයි අද නම් මේ කියන්න යන්නේ ඔහු ගැන කයි කතන්දරයක් නම් නෙවෙයි.ඔහු කියන වෙනස්ම කටහ්වක් ගැනයි මේ කියන්න හදන්නේ.
පසුගිය දවසක මධුමාධව තම Youtube චැනලය හරහා ඉන්දීය නිළි ජැකලින් ගැනත්, ලංකාවේ ඉන්න ‘කලු සල්ලි සුදු’ කරන ‘උත්තමාවීයෝ’ ගැනත් හෙළිදරවුවක් සිදු කරනු ලැබුවා.\
එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නක්,
‘ජැකලින් පාවිච්චි වෙනවා කලු සල්ලි සුදු කරන්න. ගෙවල්, ඉඩම්, මුදු රත්තරන්, මැණික් ඒවාට යොදවනවා.. නමුත් ඉන්දියානු පොලිසිය බොහෝ සූක්ෂමව මේක හොයාගන්නවා. අද ඇයට රටින් යන්න පවා තහනම්.. ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම නෑ…’
‘අපි කලාවට එන කාලෙත් අපි දැක්කා, බඩුවක්… (ගණිකාව කියන වචනේ තමයි බඩුවක් කියන්නෙ..) බඩුවක් කියන නම එන්න ඇත්තේ විකිණෙන නිසා වෙන්නැති. ඇඟ විකුණන කෙනාට අපි සාමාන්‍ය ව්‍යවහාරයේ කියන්නෙ බඩුවක්..’
‘මෙහෙම අය ඉන්නවා සමාජය ඇතුළේ. කලා ක්ෂේත්රයේ ඉන්නකොට මිනිස්සු කතාවෙනවා. අන්තිමට හැදෙන්නෙ සියලු නිළියන් බඩු කියලා. මගේ ඉතිහාසයේ මම විවාහ වෙලා හිටියෙත් කලා ශිල්පිනියක් සමඟ. අමතරව මගේ ප්‍රේම සම්බන්ධතා තිබිලා තියනවා නිරූපණ ක්ෂේත්රයේ අය එක්ක එහෙමත්. මේක ඔවුන්ට කරන අසාධාරණයක්. වෘත්තීයට ඒ නම යොදන එක වරදක්….’
‘වුණේ මොකද්ද, ඉස්සර අපි දැනන් හිටියා ගොඩක් අය පාවිච්චි වුණා. හැබැයි දැන් ඒ අය ඒවයෙන් අයින් වෙලා ඉන්නවා. නමුත් දැන් කතාව ඒක නෙවෙයි.. නිරූපණ ශිල්පිනියන් ගෙනල්ලා බඩු කරනවා නෙවෙයි. බඩු ගෙනල්ලා නිරූපණ ශිල්පිනියන් කරනවා. ඒ අය කිසිම කලා නිර්මාණයක්වත් නෑ…’
‘රඟපාන එක හිතන තරම් ලස්සන නෑ. රෝස මල් යහනාවක් නෙවෙයි ඒක. දැන් ඔය කියන අය වාහන ගන්නවා. ඇවිදින්න ගන්නවා….. මේ කරන්නෙ කලු සල්ලි සුදු කරන එක. මේ ඔක්කොම කරලා කයිවාරුත් ගහනවා. අරයද මෙයා ද කියලා හිතන්න එපා.. ගොඩක්….’