මිසිස් ශ්‍රී ලංකා තරගෙට ගිහින් අපි පුදුම විදියට අසරණ වුනා. සංවිධායකයෝ අපිට බොරු කරා

srilanka world Misis pagent Pressconferense
By Sithumi Apr 17, 2021 11:25 AM GMT
Sithumi

Sithumi

Report

2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී මුලිකව ඉදිරිපත් කර තිබු තරග නීති මාලාව සම්බන්ධයෙන් අපැහැදිලි තාවයක් ඇති බව ඊට සහභාගී වූ අවසන් තරගකාරියන් 20 දෙනාගෙන් කිහිප දෙනෙකු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර සිටිනවා. එහිදී මෙම තරගකාරියන් සඳහන් කර සිටියේ තරගයේ වට දෙකක් පැවති අතර එහිදී පළමු වටයේ තරගයේදී තරගාකාරියන් විවාහක අයවලුන් විය යුතු බවත් තරගයේ ගිවිසුම් අත්සන් කිරීම සඳහා විවාහක සහතිකය සහ එහි සාක්ෂිකරුවෙක් ලෙස ස්වාමිපුරුෂයා පැමිණිය යුතු බවට දැනුම් දුන්නත් දෙවන වටයේදී එම නීති කොන්දේසි පිළිබඳව තරග සංවිධායකයින් කිසිදු තැකීමක් සිදුනොකල බවයි තරගකාරියන් සඳහන් කර සිටියේ. එමෙන්ම පසුගිය තරගාවලියන් වලදී පැවති ” Best Supportive Husband” යන අංගය මෙවර විවාහක රූ රැජිණ තරගාවලියේදී නොපැවැත්වීම ද සැකයට තුඩු දෙන අතර, එය එක් තරගකාරියක් වෙනුවෙන් විශේෂ සැලකීමක් ද කියා සැකයක් මේ වන විට ඇතිව තිබෙන බවයි එම තරගකාරියන් සඳහන් කර සිටියේ.