බස්නාහිර පාසල් විවෘත කෙරෙන ආකාරය ගැන අධ්‍යාපන ඇමති පැහැදිලි කරයි

Western Province Minister of Education
By Thaya Jan 31, 2021 06:03 PM GMT
Thaya

Thaya

Report

අනෙකුත් ශ්‍රේණි සඳහා බස්නාහිර පළාතේ පාසල් නැවත විවෘත කිරීමට පවතින හැකියාව සම්බන්ධයෙන් සොයාබලන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

ඔහු පවසන්නේ පෙබරවාරි මස 15 වනදාට පෙර එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව අදාළ අංශ සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බවය.

මේ වනවිට බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘත කර තිබේ.

සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පාසල් විවෘතකර ඇති පරිදි සියලු මාර්ගෝපදේශවලට අනුකූලව අනෙකුත් ශ්‍රේණි සඳහා ද බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල්වල අධ්‍යයන කටයුතු සිදුවන ආකාරය, අන්තර්ජාල අධ්‍යයන ක්‍රමවේදයේ සාර්ථකත්වය සහ සෞඛ්‍ය විධිවිධාන ආදිය පිළිබඳ සොයාබැලීම සඳහා පාසල් කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එම අදහස් පළ කර තිබේ.

එහිදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ්-19 එන්නත ලබාදීමේදී ගුරුවරුන් සදහා ප්‍රමුඛත්වයක් ලබාදීම ඉතා සාධාරණ කරුණක් බවය


ReeCha