ලක්ෂ 39 ක් අවභාවිත චෝදනාවෙන් ඇමති මහින්දානන්ද නිදොස් කොට නිදහස්

Mahindananda
By Thaya Feb 25, 2021 05:53 PM GMT
Thaya

Thaya

Report

වෘත්තිය සමිතියකට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය නැමැති චෝදනාව යටතේ ගොණු කර තිබු නඩුවෙන් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතායි මෙම නියෝගය ලබා දුන්නේ. පසුගිය නිදහස් සන්ධාන රජය සමයේ ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තිය සමිතියට අයත් මුදලක් අවභාවිත කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුනේ.