ඇමති ජොන්ස්ටන් මගේ බිල්ඩිම බලෙන් අල්ලගෙන.. වෛද්‍යවරයෙක් මහල් 4කින් බිමට පනී
තමන්ගේ ගොඩනැගිල්ලක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බලෙන් පදිංචි වී සිටින බව පවසමින් නිකවැරටිය කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අද එහි වහලය මත නැගී විරෝධතාවයක් සිදුකළේය.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස බොරු පැමිණිල්ලක් ද සිදුකර ඇතැයි පැවසූ ඔහු ඊට විරෝධය පාමින් කියා සිටියේ අත්අඩංගුවට ගැනීමට සූදානම් වුවහොත් වහලයෙන් බිමට පනින බවයි.
අදාල ගොඩනැගිල්ල නඩුවක් පවතින ගොඩනැගිල්ලක් බවත් එසේ වුවද ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ කාර්යාලයක් එහි පවත්වන බව ද ඔහු කියා සිටියේය.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකි.
අනතුරින් පසු වෛද්‍යවරයා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය.
වෛද්‍යවරයාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට පියවර ගත් බවත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යැවීමට නියමිත බවත් රෝහල් වෛද්‍යවරුන් පැවසීය.