සංචරණ කඩාගෙන රිවර්සටන් ගිය ඇමති දියණිය කූඩැල්ලන් කා රෝහලේ..

By Wasantha May 15, 2021 09:28 AM GMT
Report

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ සීමා පනවා තිබියදී ඇමතිවරයෙක්ගේ දියණියක් මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේ සංචාරක බංගලාවක සති අන්ත නිවාඩුව ගත කිරීමට ගොස් සිටියදී සිදු කූඩැල්ලන් කෑමෙන් තුවාල වී රෝහල්ගත වී ඇතැයි අන්තර්ජාල මාධ්‍ය කිහිපයක් වාර්තා කරයි.

ඇමති දියණිය සමග ඇගේ මිතුරු මිතුරියන් පිරිසක්ද මෙම ගමන සදහා එක්ව ඇතැයිද වාර්තාවේ සදහන්ය. තුවාල ලැබූ ඇමති දියණිය කූඩැල්ලන් කෑම නිසා රෝහල් ගතකර ඇත්තේ ඇමතිවරයාගේ ප්‍රභූ ආරක්ෂකයින් විසින් බවත් එම ඇමැතිවරයා ව්‍යඹ පලාත නියෝජනය කරන ඇමතිවරයෙකු බවත් තවදුරටත් සදහන්ය.