කොරෝනා එන්නත ජනතාවට ලබාදෙන කාලය කොරෝනා ඇමතිනිය කියයි

Corona Vaccine
By Thaya Jan 18, 2021 03:22 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය මර්දනය පිණිස මෙරට ජනතාවට " ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා " නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

කොරෝනා රෝග තත්ත්වය පාලනය පිනිස ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.

මෙම එන්නත දිවයිනෙහි ස්ථානය 4000 කදී ලබාදීමට සැලසුම් කොට ඇති බව අමාත්‍යවරිය සදහන් කළ අතර මේ සදහා ඉලක්කගත කණ්ඩායමක් හදුනාගැනීමට පියවර ගෙන ඇති බවත් එන්නත ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිනිස සෞඛ්‍ය පළාත් සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ සහාය ඉල්ලා සිටින බවද මෙහිදී පැවසූවාය.