බිම් බෝම්බ සම්පුර්ණයෙන්ම ඉවත් කෙරේ..බිම් බෝම්බ සම්පුර්ණයෙන්ම ඉවත් කෙරේ..

Mines
By Thaya Feb 03, 2021 01:46 PM GMT
Thaya

Thaya

Report

2022 වසර වන විට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීම රජයේ අපේක්ෂා කරන බව ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යා.ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.

2002 වසරේ සිට බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන දිවයින තුළ ක්‍රියාත්මක වන අතර 2010 වසරේදී ඒ සඳහා ‘බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානය’ ආරම්භ කලා.එහිදී බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතන සම්බන්ධීකරණය, මෙහෙයවීම හා අධීක්ෂණය එමගින් සිදුකරනු ලැබුවා. ශ්‍රී ලංකා යුධ හමුදාව මේ සඳහා සෘජු දායකත්වය ලබා දෙන බවද රාජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් පැවසුවේය.

රාජ්‍ය ඇමතිවරයා එසේ පැවසුවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික, දේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ රජය අතර වාර්ෂික අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම අද (02) දින ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු සිදු කළ අවස්ථාවේදීය.

මෙහිදි 2020 සහ 2021 වර්ෂ සඳහා වන අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ අතර රජය වෙනුවෙන් ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කීර්ති රංජිත් අබේගුණවර්ධන මහතා සහ මැග් ආයතනය, හලෝ ට්‍රස්ට් ආයතනය, ඩෑෂ් ආයතනය සහ පාර්ප් ආයතනය යන අන්තර් ජාතික හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් විසින් මේ සඳහා අත්සන් කරන ලදි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ මෙහෙයවීමෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙල මේවන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

බිම්බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ සෘජු අධීක්ෂණයට ලක්වන අතර පසුගිය දිනවල කිළිනොච්චිය, මුහමලේ ප්‍රදේශයේදී එහි නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගි විය.

මෙම අවස්ථාවට බිම්වෙඩි සඳහා ක්‍රියාකාරී ජාතික මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්තිරන්,යුධහමුදා බිම්වෙඩි ඉවත් කිරීමේ ඒකකයේ මේජර් ශමින්ද ඉලංගරත්න යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ අන්තර් ජාතික හා දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් පිරිසක්ද සහභාගී වූහ.