කිරිපිටි මිල ඉහළ යන ලකුණු..ආනයනකරුවන් ගෙන් රතු එළියක්.

Sri Lanka Milk price Inport
By Aruna Jul 22, 2021 09:29 AM GMT
Report

ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා.

ඒ අනුව කිරිපිටි ආනයනය සියයට 70 කින් පහළ දැමීමටයි කිරිපිටි සමාගම් පියවර ගෙන ඇත්තේ.

මෙරට දෛනික කිරිපිටි පරිභෝජනය ටොන් 200ක් පමණ වන අතර එය මසකට ටොන් 6,500 ත් 8,000 ත් අතර ප්‍රමාණයක පවතිනවා.

ලෝක වෙළෙඳපොළේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු ඉහළ යාම මෙන්ම ඩොලරයේ අගය ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් හේතුවෙන් කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුව ඇති බවයි ආනයනකරුවන් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now