කිරි පිටි මිළ 350 කින් වැඩි කරන්නැයි ඉල්ලීමක්

sri lanka government Milk powder
By Sithumi Jun 17, 2021 12:19 PM GMT
Report

කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 350කින් ඉහළ දැමීමට මෙරටට කිරිපිටි ආනයනය කරන සමාගම් ඉල්ලීමක් කර තිබේ. එම ඉල්ලීම පාරිභෝගික කටයුතු අධිකාරියට ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ.

ලෝක වෙළෙඳපොලේ යොදය සහිත කිරිපිටි වල මිල 32% ඉහළ ගොස් ඇති බැවින් තමන් එම ඉල්ලීම කරන බව ආනයනකරුවෝ පවසති.

ශ්‍රී ලංකාව වාර්ෂිකව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 90,000ක් ඔස්ට්‍රේලියාවෙන් සහ නවසීලන්තයෙන් ආනයනය කරයි. මේ වනවිට මෙරට කිරිපිටි අවශ්‍යතාවයෙන් 75%ක් පමණ සපුරනු ලබන්නේ ආනයනය කෙරෙන ප්‍රමාණයෙනි. එ

හෙත් මේ වනවිට විශේෂයෙන් ම පසුගිය ජනවාරි මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ කිරිපිටි සඳහා ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් වර්ධන වෙමින් ඇති බව සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. එසේම දැනට මෙරට තුළ ආනයනය කළ කිරිපිටි ඇත්තේ සති 4-6ත් අතර කාලයකට බවද වාර්තා වේ.