කිරිපිටි හා ගෑස් මිල ඉහළ යයි?...

Prices
By Thaya Mar 06, 2021 06:15 PM GMT
Report

කිරිපිටි හා ගෑස් මිල වැඩි කරන ලෙසට සමාගම් කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර ඇත.

කිරිපිටි සමාගම් තුනක් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 40කින් කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 100කින්ද මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබුණි. නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සිකුරාදා (05 වැනිදා) එම සමාගම්වලට දැනුම් දී ඇත්තේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි. ඒ වෙනුවට සහනයක් ලෙස මුදල් අමාත්‍යාංශය විසින් කිරිපිටි ආනයනය කිරීමේ දී පනවා තිබූ වරාය හා රේගු නිෂ්කාශන බද්ද 7.5% සිට 2.5% දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.

මෙම වසර අවසන් වන විට කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමටද පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය හමුවකදී කියා සිටියේය. මේ අතර ලාෆ් ගෑස් සමාගම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් වැඩි කරන ලෙසට කළ ඉල්ලීමක්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තාවකාලිකව ප්‍රතික්ෂේප කර ඇත. නමුත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ගෑස් මිල වැඩි කළ යුතු බව සමාගම පෙන්වා දී තිබේ.