ව්‍යාපාරිකයා අතේ භයානක ආයුධයක් අහුවෙලා

Report

අඟල් 6ක් පමණ දිගැති විදෙස් රටක නිෂ්පාදිත කුඩා ගිනි අවියක් සමග 44 හැවිරිදි ව්‍යාපාරිකයෙකු මීගමුව කුරන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ ගිනිඅවිය බෙල්ජියම රටේ නිෂ්පාදිතය බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් බව වාර්තා වේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට මෝටර් රථ අමතර කොටස් අළෙවි කරන මීගමුව කුරන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

කටාර් ගුවන් සේවය කිරිසප්පයට කරපු කැත වැඩේ - දරුවා දැඩි සත්කාරේ අසාධ්‍යයි

එහිදී සැකකරුගේ නිවස වටලා කාමරයේ සූක්ෂම ලෙස සඟවා තිබිය දී මෙම ගිනිඅවිය සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර ව්‍යාපාරිකයාගෙන් මෙම ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ එම ගිනිඅවිය මියගිය සිය පියාගෙන් තමාට ලැබුණ බවය.  

ගුරුතුමියගේ දඬුවමේ සැරට දරුවෙක් මියයයි

ගුරුතුමියගේ දඬුවමේ සැරට දරුවෙක් මියයයි