වගා හානි වැලකීමට කඩිනමින් ක්‍රමවේදයන් සකස් කෙරේ..?

Methods
By Thaya Feb 04, 2021 07:44 PM GMT
Thaya

Thaya

Report

වන සතුන්ව ක්‍රියාකාරකම් වලින් සිදුවන වගා හානි වලක්වා ගැනීමේ ක්‍රමවේදයන් කඩිනම්න් සකස් කිරීමට වනජීවි හා වන රක්ෂණ ඇමති සී.බී රත්නායක මහතා තීරණය කොට ඇත.

මන්ද දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හි කෘෂි නිෂ්පාදන වලට හා වගා බිම් වලට රිලවුන් ,වදුරන්,ඉත්තෑවුන් ,වල් ඌරන් ,මොනරුන් ,දඩුලේනුන් වැනි සතුන්ගෙන් අති විශාල වශයෙන් හානි සිදුවනු ඇත. එම නිසා අදාල සතුන් කුඩු කර අල්වා රක්ෂිිත වනාතත්ර හා දුපත් වල පිහිටි රක්ෂිතයන්ට මුදාහැරීමටත් ,වන්ධිකරණයට ලක් කිරීමටත් තීරණය කර තිබේ.

රිලවුන් ,වදුරන් ,වල් ඌරන් වැනි සතුන් හට ආහාර සමග මුසුකොට උපත් පාලන ඖෂධ වර්ග ලබාදී උපත් ග්‍රහනය අඩු කිරීමටත්,ඔවුන් රක්ෂිතයන් වෙත මුදා හැරීම සදහා පියවර ගැනීමටත් නියමිතය.

වන සංරක්ෂණ හා කෘෂි කර්ම දෙපාර්තුමේන්තුව සමග ඒකාබද්ධව වන විල්ලු හා රක්ෂිතයන් තුළ ඒ ඒ කලාපයන්ට ආවේනික ධාන්‍ය හා බෝග වර්ග වගා කිරීමටත් යෝජනා කර ඇති බැවින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමට ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමටත් තීරණය කෙරේ.

මෙම තීරණයක් ගෙන ඇත්තේ කෘෂි කර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ,වනජීවී අත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර ,වනජීවී රාජ්‍ය ඇමත්‍යංශයේ ලේකම් පාලිත ප්‍රනාන්දු ,ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩි.එම්.එස් දිසානායක ,වනජීවි හා වනසංරක්ෂණ ඇමතිවරයාගේ උපදේශක එම්.එස් කරුණාරත්න ,සම්බන්ධීකරණ ලේකම් නිහාල් ප්‍රේමසිංහ,වනජීවිී අධ්‍යක්ෂ ජෙනරාල් එම්.ජී.සී සුරිය බණ්ඩාර,වන සංසරක්ෂක ජෙනරාල් එම්.ඒ.බණ්ඩාර,යන මහත්වරු සමග පසුගියදා සිය අමාත්‍යංශ ශ්‍රවානාගාරයේදී වනජීවි හා වන සංරක්ෂණ ඇමති සී.බී රත්නායක මහතා සමග පැවැති සාකච්ජාවකදීය.