මෙන්න වැඩක් - මහත්මා ගාන්ධිගේ පිළිමේ උස්සලා - කකුලෙන් කපලා හොරු අරන් ගිහින් [PHOTOS]
By Ashfa
ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි පිහිටි මහත්මා ගාන්ධි ප්‍රතිමාව එම පිළිමයේ දෙපා අසලින් කපා කිසියම් පිරිසක් එය සොරකම් කර ඇති බව තොරතුරු වාර්තා වේ.
ලෝකඩ යොදාගෙන නිර්මාණය කර ඇති මෙම පිළිමය, කිලෝග්‍රෑම් 420 ක පමණ බරකින් සමන්විත වන අතර මෙම ප්‍රතිමාව මෙල්බර්න් හි ඉන්දියානු මධ්‍යස්ථානය ඉදිරිපිට ස්ථාපනය කර තිබුණි.
අදාළ පිළිමය සොයාගැනීමට එරට බලධාරීන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.


