ජනපති මල්වතු මහා නාහිමි බැහැදක අලුත් අවුරුද්දට ආශිර්වාද ලබාගනී

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) පෙරවරුවේ මල්වතු මහා විහාරය වෙත පැමිණ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

මෙහිදී උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර, උදා වූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම පිරිස වෙත සිය ආශිර්වාදය පළ කළහ.

ජනතාව අතරට ගිය ජනපති

ජනතාව අතරට ගිය ජනපති

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති අනුර කුමාර මල්වතු මහා නාහිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන අලුත් අවුරුද්ද සුභවන් කර ගැනීමට පියවර ගත්තේය.

අගමැතිනි හරිනි හින්දු චාරිත්‍ර කරයි

අගමැතිනි හරිනි හින්දු චාරිත්‍ර කරයි