භාවනා ක්‍රම සහ දේශීය ඖෂධ මගින් කොරෝනා සුව කිරීමේ මෙහෙයුමක් ඇරඹේ.

Covid-19 Corona Virus Sisira Jayakody
By Thaya Jan 06, 2021 04:41 PM GMT
Thaya

Thaya

Report

ආර්යුවේද රෝහල් කොව්ඩ් -19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස සකස් කිරීමට පියවරගන්නා බව දේශීය වෙදකම ප්‍රවර්ධන හා ආයුර්වේද රෝහල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ නාවින්න ආර්යුවේද රෝහල කේන්ද්‍ර කරගනිමින් එහි පළමු අදියර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

"මේ සඳහා අපි අධ්‍යනයන් රාශියක් කළා. ඒ් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අනෙකුත් අංශවල සහයෝගය ලබාගෙන වෙනස් ක්‍රමයකට, ඒ කියන්නේ අපේ භාවනා ක්‍රම, දේශීය ඖෂධ ලබාගැනීම මගින් ප්‍රතිකාර නියම කිරීම සඳහා උත්සහයක් දරනවා."