ඖෂධ භාවිත කරන රෝගීන් වෙත විශේෂ දැනුම් දීමක්.
Covid
Patient
Hospital
Healthy ministry
Rajja osusal
By Aruna
රෝග සදහා ඖෂධ භාවිත කරන පුද්ගලයන් කිසිසේත් එම ඖෂධ භාවිත කිරීමෙන් වැළකී නොසිටිය යුතු බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ භාවිත කරන ඖෂධ වට්ටෝරුවේ ඖෂධ සොයා ගැනීමට අපහසු නම් ළගම පිහිටි රජයේ රෝහලට ගොස් එම ඖෂධ ලබාගත හැකි බවයි.
www.spc.lk වෙබ් අඩවියට ගිහිල්ල ඔබගේ ප්‍රදේශයේ ලගම තිබෙන ඔසුසලට ඔබගේ බෙහෙත් වට්ටෝරුව වට්ස්ඇප් කිරීම මගින් ඔබට අවශ්‍ය බෙහෙත් ඖෂධ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව තිබේ.
නමුත් ඇතැම් අවස්ථාවල බෙදාහැරීමේදී යම් අඩුපාඩු සිදු විය හැකි බැවින් එවන් මොහොතක ඔබ විසින් පුද්ගලිකව ලබාගත් බෙහෙත් වට්ටෝරු රැගෙන ලගම ඇති රෝහලට ගොස් බාහිර රෝගී වෛද්‍යවරුන් විසින් පරික්ෂා කර එහිදී අවශ්‍ය බෙහෙත් ලබා ගත හැකි බවද විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |