හෙරොයින් සමග හොරණදී ඇල්ලූ හමුදා දෙදෙනාට උපරිම දඩුවම්

Soldiers
By Thaya Feb 25, 2021 05:53 PM GMT
Thaya

Thaya

Report

අද (පෙබරවාරි මස 25) උදෑසන හොරොයින් කිලෝග්‍රෑම් 45 ක් සමග යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු සහ වාහනයක් හොරණ ප්‍රදේශයේදී පානදුර පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එම සාමාජිකයින් දෙදෙනාගෙන් එක් අයෙකු මීට මාස දෙකකට ප්‍රථම යුද්ධ හමුදා සේවයෙන් පැන ගොස් සිටින අයෙකු වේ.

අනෙක් පුද්ගලයා දැනට යුද්ධ හමුදාවේ සේවය කරන සෙබලෙකු වන අතර මේ සඳහා යොදාගත් වාහනය යුද්ධ හමුදාවේ පාලන රාජකාරි සඳහා කුලි ගෙවීමේ පදනම මත පවරා ගත් වාහනයකි. අභිමානවත් යුද්ධ හමුදාවක් වශයෙන් මොවුන් සිදුකර ඇති විනය විරෝධි ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරන අතර මේ සබැදිව පවතින නීති රෙගුලාසී අනුව විනයානුකූල ක්‍රියාමාර්ග ගෙන උපරිම දඩුවම් ලබාදීමට කටයුතු කරන ලෙස යුද්ධ හමුදාපතිතුමා විසින් දැනටමත් උපදෙස් ලබාදී තිබෙනවා.