දරුවාගේ උප්පැන්න ගන්න ගිය ගමන පිහි ඇනුමකින් කෙළවර වෙයි

merder mavanalla birth setificate ambilipitiya sarath kumara
By Sewvandhi Apr 28, 2021 04:14 PM GMT
Report

මාවනැල්ල මුලික රෝහල අසලදී 47 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන ඊයෙ (27) දා රාත්‍රීයේ ඝාතනය කොට ඇතැයි මාවනැල්ල පොලීසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඇඹිලිපිටිය තෙල්බදුආර අටවන පටුමගේ පදිංචි සේනානායක මුදියන්සේලාගේ සරත් කුමාර නැමැත්තෙක්.

ඝාතනය සම්බන්ධයෙන් මාවනැල්ල රංදිවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මාවනැල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වු පුද්ගලයා සිය දරුවාගේ උප්පැන්න සහතිකය ලබා ගැනීම සදහා මාවනැල්ලට පැමිණ තිබෙන අතර මාවනැල්ල මුලික රෝහල අසලදී සිදුවු බහින් බස් වීමක් දුරදිග ගොස් සැකකරු විසින් පිහියකින් ඇන ඇති බවයි අනාවරණය වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi