කැලයේ පුළුස්සා දමා තිබූ පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළි වේ(VIDEO)

forest matathe dhobagoda burn death body businessmen
By Sewvandhi Apr 26, 2021 09:52 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය 21 වනදා මාතලේ රත්තොට දොඹගොඩ කැළයක තිබී හමුවූ පිලිස්සුනු ශරීර කොටස්වලට අදාළ පුද්ගලයාගේ අනන්‍යතාවය හඳුනාගැනීමට පොලීසියට අද (26) හැකියාව ලැබී තිබුණි.

පරීක්ෂණ මගින් තහවුරු වී ඇත්තේ ඔහු තලාහේන දාඹුගහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක් වන ව්‍යාපාරිකයෙකු බවය. තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ලේ පැල්ලමක් ද දක්නට තිබී ඇති අතර එම පුද්ගලයාව නිවසේදීම ඝාතනය කර පසුව ශරීර කොටස් මාතලේ ප්‍රදේශයට රැගෙන ගොස් ඇති බවට පොලීසිය සැක කරයි.

ඔහුට අයත් මෝටර් රථය අනුරාධපුර ප්‍රදේශයෙන් සොයාගෙන ඇති අතර ඔහු සමග සිටි සමීපතමයෙක් මේ වනවිට අතුරුදන් වී ඇති බවද වාර්තා වේ. පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතින අතර ඝාතනයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.