අද දින පෘථිවිය ආසන්නයෙන් ගමන් කරන දැවැන්ත උල්කාව

Earth
By Thaya Mar 21, 2021 06:44 PM GMT
Report

අඩි 3000 පමණ විෂ්කම්භයෙන් යුත් දැවැන්ත උල්කාවක් අද පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව ඇමෙරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.එය මේ වසරේ පෘථිවියට ආසන්න වන විශාලතම උල්කාව බවයි එමගින් සඳහන් කළේ.දකුණුදිග අහසේ මෙම උල්කාව දීප්තිමත් වස්තුවක් ලෙස දැකගත ගත හැකි වනු ඇති බවයි තාරකා විද්‍යාඥයන් පවසන්නේ.එය දුරේක්ෂයක් මගින් නිරීක්ෂණය කිරීමට හැකි වනු ඇත.

මීට විසි වසරකට පෙර සොයා ගැනුණු 2021-එෆ් ඕ 32 ලෙස නම් කෙරුණු මෙම උල්කා ව පෘථිවියට සැතපුම් මිලියන1.5 තරම් ආසන්නයෙන් ගමන් කරනු ඇත.එය දළ වශයෙන් පෘථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පස් ගුණයක්.කෙසේ නමුත් එය අනතුරුදායක විය හැකි උල්කාවක් ලෙසයි විද්‍යාඥයන් නම් කර ඇත්තේ. නාසා ආයතනය ප්‍රකාශ කරන පරිදි මෙම උල්කාව පෘථිවිය පසුකර යනු ඇත්තේ පැයට සැතපුම් 77,000ක වේගයෙනි.