සමරු ස්මාරකයක් කඩා බිඳ දැමීමට විරුද්ධව පලාත් දෙකක මහා විරෝධතාවයක්.

Jaffna Eastern Province Northern
By Thaya Jan 12, 2021 06:59 PM GMT
Thaya

Thaya

Report

හෙට දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේ පූර්ණ හර්තාලයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය ඇතූළු එම පළාත් නියෝජනය කරන දෙමළ දේශපාලන පක්ෂ ඒකමතික තීරණයත් ගෙන තිබෙනවා.

යාපනය විශ්වවිද්‍යාලය ඉදිකර තිබූ සමරු ස්මාරකයක් කඩා බිඳ දැමීමට විරෝධය පළ කරමින් මෙම හර්තාලය පැවැත්වීමට නියමිත බවයි පැවසෙන්නේ.

කිලිනොච්චියේදී පවත්වන ලද මාධ්‍ය හමුවේ එම පක්ෂ විසින් මෙම තීරණය දැනුම් දී ඇත.

අදාළ ස්මාරකය කඩා දැමීමට විරුද්ධව ආරම්භ කර ඇති උපවාසය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් තිබේ.