බාලවයස්කාරියක් දුෂණය කල විවාහකයකු අල්ලයි….

Police
By Thaya Mar 07, 2021 08:55 PM GMT
Thaya

Thaya

Report

බේරුවල හෙට්ටිමුල්ල සුනාමි වත්ත ප්‍රදේශයට නුදුරින් වසරක කාලෙක සිට සිය මිත්තණිය සමග පදිංචිව සිටී බාල වයස්කාර වයස අවුරුදු 13,මාස 11වයස ඇති ගැහැණු ළමයෙකු අළුත්ගම පොලිස් වසමේ දේවාල පාර ප්‍රදේශයේ ඥාති නිවසකට රැගෙන ගොස් අඹුසැමියන් ලෙස හැසිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකාර විවාහක තිදරු පියෙකු වූ පුද්ගලයෙකු බේරුවල පොලීසිය මගින් 4 දින අත්අඩංගුවට ගත් බව කියයි . සැකකාර විවාහකයා බාලවයස්කාරිය පදිංචිව සිටි බව කියන හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ප්‍රදේශයේ කම්කරු රැකියාවක නිරතව සිටියදී බාල වයස්කාර ගැහැණු ළමයා සමග දින තුනක වැනි කෙටි කාලයකදී මිතුරු වී යාබද පොලිස් වසමේ ඥාති නිවසකට රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බව පරීක්ෂණ සිදුකරන පොලීසිය අනාවරණය කරගෙන තිබේ .

මෙම බාලවයස්කාරිය මව හා පියා නොමැතිව සිය මිත්තණිය හා සීයා සමග කලක සිට ජීවත්ව ඇති අතර ඇගේ මවවිදෙස් රැකියාවට ගොස් ඇති බවත් , සිය පියා මෙරට ජීවත් වුවත් ඇය පිළිබඳ සොයා නොබලන බවත් මිත්තනිය හා සීයා සමඟ කල්ගත කරමින් සිටියදී මෙම තත්ත්වයට පත්ව ඇතැයි කියයි . අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වනවිවාහක තිදරු පියකු බවත් පොලිසිය කියයි .

එම සිද්ධියෙන් පසු බාලවයස්කාර තරුණිය කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය පරීක්ෂණ සිදු කරයි . මෙම සිද්ධියට මුහුණදුන් බාලවයස්කාරිය ගෙන් පොලිස් නිලධාරිනියන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඇය මෙයට පෙර අවස්ථාවකදීද හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටියදී ද කිසියම් පුද්ගලයෙකුගෙන් අතවරයකට ලක්වී ඇතැයි ද පොලිසියට පවසා තිබේ . ඒ අනුව බේරුවල පොලිසිය විසින් හොරණ පොලිසියට දැනුම් දීමක්ද සිදු කර තිබෙන බව කියයි