අඹු සැමි යුවළක් තම දුව හා පුතු සමඟ ගිහි දිවිය හැර පැවිදි වෙන්නට ගිය හැටි

Priests
By Thaya Jan 06, 2021 04:42 PM GMT
Thaya

Thaya

Report

සැප සම්පත්වලින් පිරී පවුලක පියා, මව හා දරු දෙදෙනා සමග පවුලේ සාමාජිකයන් හතරදෙනාම ගිහි දිවිය අතැර නව වසරේ පළමුවෙනිදා සුබ මොහොතින් සසුන්ගත වීම සදහා විසූ නිවසින් නික්ම ගියහ. එලෙස ගිහි දිවියට සමුදුන් ඔවුන් පොල්පිතිගම නගරයේ , නාගොල්ල පන්සල් පාරේ පදිංචිව සිටි එස්. ඒ. ගාමිණී කුමාරසිංහ (අවු 38) මහතා, ඔහුගේ දයාබර බිරිද ඒ. එම්. සමුද්‍රා කුමාරී අත්තනායක (අවු 32) මහත්මිය, අවුරුදු 16ක් වයසැති එස්. ඒ. කවිශ්කා සංජනී දියණිය හා අවුරුදු 13ක් වයසැති එස්. ඒ. සදීප කෞෂල්‍ය ධනංජය කුමාරසිංහ නමැති තම බාල පුතු මෙලෙස සසුනට පිවිසීම සඳහා නව වසරේ 01වෙනිදා පෙරවරුවේදී එකට වාසය කර විසු නිවහනින් නික්ම මැල්සිරිපුර මඩහපොළ නාඋයනේ ආරණ්‍ය සේනාසනය බලා පිටත්ව ගියහ.

අක්කර ගණනාවක පොල් වත්තක හිමිකරුවෙකු වන ගාමිණී කුමාරසිංහ මහතාගේ එම ගෙවත්තේ පැපොල් වගාවක් මෙන්ම සාර්ථක ඉගුරු වගාවක් හා කහ වගාවක අස්වැන්න නෙලන්නට ආසන්නව තිබියදී ඒ සියල්ලත්, තම නිවසත්, නීතිඥයන් ඉදිරිපිටදී පවුලේ අයට නීත්‍යනුකූලව පවරා පොල්පිතිගම නගරයේ පවත්වාගෙන ගිය පලතුරු කඩයෙන්ද ඉවත්ව පැවිදි දිවියට ඇතුලත්වීමට යන ගමනේදී නිවසේ තිබූ යතුරුපැදි, පාපැදි අතුළු බොහොමයක් අහල පහල අයට හා හිතවතුන්ට නොමිලේ ලබාදීමටද නිවැසියන් පියවර ගෙන තිබුණි.

ඔහුගේ බිරිද වූ සමුද්‍රකුමාරි අත්තනායක මහත්මිය කී කතාවයි මේ.