ෆේස්බුක් පාටියේ කොළඹ ප්‍රදේශයේ තරුණ තරුණියන් රැසක් ..

Facebook
By Thaya Mar 21, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

මාතර මිරිස්ස ප්‍රදේශයේ සුපිරි හෝටලයක පවත්වාගෙන ගිය ෆේස් බුක් පාටියක් ඊයේ (20) රාත්‍රියේ වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් සැකකරුවන් තිදෙනකු දකුණු පලාත් සුරාබදු විශේෂ කාර්යංශයේ නිලධාරීන්අත්අඩංගුවට ගෙන ඇත. අන්තර් ජාලය හරහා ෆේස් බුක් පාටිය සංවිධානය කර තිබු අතර මෙම ෆේස්බුක් පාටියට කොළඹ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 -25 වයස් කාණ්ඩවල තරුණ තරුණියන් රැසක් පැමිණ සිටි බවද දකුණු පාලත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතා පවසයි.

අදාල ස්ථානය වටලන අවස්ථාවේ මෙම තරුණ තරුණියන් මත්පැන් පානය කර මත්වී සංගීත රාවයට අනුව නටමින් සිටි අතර එහි තිබී විදේශීය මත්පැන් මිලි ලීටර් 57250 අත්අඩංගුවට ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත. මාතර මිරිස්ස ප්‍රදේශයේම තිදෙනකු ෆේස්බුක් පාටිය සංවිධානය කර තිබු අතර එහිදී අදාල තරුණ තරුණියන් සදහා බලපත්‍ර නොමැතිව මත්පැන් වැඩිමිලට අලෙවි කර ඇතැයිද ධීර ගුණසේකර මහතා පවසයි. දෙමාපියන් තම දරුවන් කෙරෙහි මීට වඩා සැලකිලිමත් වන්නේනම් දරුන්ගේ මත්පැන් භාවිතයට යොමුවීමෙන් මුදවා ගත හැකි බවත් ,ඹවුන්ගේ අනාගතය යහමගට ගතහැකි බවත් සුරාබදු ස්ථානාධිපතිවරයා වැඩි දුරටත් පැවසුවේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඉදිරියේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දකුණු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත ,ගාල්ල සුරාබදු අධිකාරී සුනිල් ශාන්ත මහතාගේ මෙහෙයවිම යටතේ ,දකුණු පලාත් සුරාබදු විශේෂ මෙහෙයුම් කාර්යංශයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක ධීර ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ,සුරාබදු පරීක්ෂකවරුන්වන චන්න කුමාර, ලක්ෂාන් පෙරේරා,සැරයන් වරුන්වන 621 මලින්ද සදරාජ්, 770 විරාජ් හේමපාල , 934 ක්‍රිශාන්ත සිල්වා , කෝප්‍රල් මෙවන් ගමගේ ,නියාමකවරුන්වන 1031 උපුල් ප්‍රියංකර ,1059 සහන් පෙරුමාබදු ,1073 රොහාන් බුද්ධික ,1133 මිහිරාන්,1088 ධනංජය සිල්වා ,රියදුරු වරුන්වන සමන්ත හා විදුරංග යන නිලධාරිහු මෙම වැටලිීම සිදු කළහ.

GalleryGalleryGallery