කොරෝනා නසන සාර්ථක දේශීය ඔසු රැසක් නිපදවා අවසන්.. නමුත් කිසිදු රෝගියෙකුට දෙන්න ඉඩ නොදෙයි.. එන්නත එනතුරු බලාහිදී..

Corona
By Thaya Jan 25, 2021 07:19 PM GMT
Thaya

Thaya

Report

කොරෝනා වෛරසය මර්දනය කළ හැකි දේශීය ඖෂධ ගණනාවක් දේශීය වෛද්‍යවරුන් විසින් ඉපැරණි පුස්කොළපොත් වල වට්ටෝරු භාවිතයෙන් නිෂ්පාදනය කර ඇතත් ඒවා භාවිත කිරීමට කිසිදු අවස්ථාවක් ලබා නොදෙන්නේ යයි දේශීය වෛද්‍ය ක්‍රම සුරැකීමේ සංවිධානය චෝදනා කරයි.

එම සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දේහීය වෛද්‍යවරුන් විසින් පෙන්වා දුන්නේ මෙරට කිසිදු කොරෝනා ආසාදිතයකුට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍යවරුන්ට අවස්ථාවක් නොදී සායනික වාර්තාවක් ලබා ගන්නේ කෙසේදැයි පැහැදිලි කරන ලෙසයි.

විදේශ රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබාදුන් රෝගීන් මරණයට පත්ව තිබියදී ඒවා කෙරෙහි විශ්වාසය තබමින් සිටින බලධාරීන් අතුරු කිසිදු අතුරු ආබාධයක් නැති දේශීය ප්‍රතිකාර වලට අවස්ථාව නොදීමට කටයුතු කරමින් ඇතැයිද චෝදනා කරති.

මෙම තත්ත්වය දේශීය පාරම්පරික ප්‍රතිකාර ක්‍රම හෑල්ලුවට ලක් කිරීමක් යැයිද ඔවුහු කියා සිටිති.

එම සංවිධානය විසින් පේරාදෙණියේ දී පැවැත් වූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.