ප්ලාස්ටික් වලට අදාලව භාණ්ඩ රැසක් තහනම් කෙරේ...

Plastic
By Thaya Jan 31, 2021 05:59 PM GMT
Thaya

Thaya

Report

ප්ලාස්ටික් නියාමනයට අදාළව ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබෙනවා.

ජාතික පාරිසරික පනතින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී ඇති බලතල අනුව එම නියාමනයන් සිදුකර කර තිබේ.

ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පාවිච්චි කරනු ලබන කෘෂිරසායන ද්‍රව්‍ය ඇසුරුම් කිරීම සඳහා පොලිඑතිලීන් ටෙරප්තැලේට් (PET) හෝ පොලිවයිනයිල් ක්ලෝරයිඩ් (PVC) ද්‍රව්‍ය සඳහා එම තහනම ක්‍රියාත්මක කර තිබේ.

අංක 2211/51 2021 ජනවාරි මස 21 දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මඟින් ඒ බව දැනුම් දී ඇත.

ඒ අනුව, යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා පහත දක්වා ඇති නිශ්චිත ප්ලාස්ටික් අයිතම හැර සෙසු දෑ පාවිච්චි කිරීම තහනම් කර තිබේ.

1. ශුද්ධ පරිමාව මි.ලී 20ට / ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු සැෂේ (Sachet) (ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීමට භාවික කිරීම සඳහා හැර,

2.හුළංවලින් පිරවිය හැකි සෙල්ලම් බඩු - බැලුන්, බෝල, දිය මත පාවෙන/ පිහිනුම් තටාකවල දී භාවිත කරන සෙල්ලම් බඩු සහ ජල ක්‍රීඩා උපකරණ හැර,

3.ප්ලාස්ටික් කූර (Stem) සහිත කෝන් බඩ්ස් (cotton buds) වෛද්‍ය / සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර අනෙකුත් දෑ පාවිච්චි කිරීම තහනම් වේ.