බිහිසුණු අනතුරක්, ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් යානයක් බිම වැදී ගිනි ගෙන නියමුවා ජීවිතක්ෂයට
By Kaushi
පෝලන්ත ගුවන් හමුදාවේ ප්‍රහාරක යානයක් පුහුණු පියාසැරියක් අතරවාරයේදී කඩාවැටීමෙන් එහි නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇත.
ඒ අනුව මෙම අනතුර සිදුවුණේ මධ්‍යම පෝලන්තයේ රේඩම්හිදී බව වාර්තා වේ.
මෙසේ අනතුරට පත්ව කඩාවැටී ගිනිගන්නා ලද්දේ F-16 ප්‍රහාරක යානයක් වේ. මෙම අනතුර බැරල් රෝල් පියාසර උපමාරුව පුහුණුවන අතරතුරදී සිදුව තිබෙනවා.
මේ හේතුවෙන් මෙම සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ පෝලන්ත රේඩම් ගුවන් සංදර්ශනය-2025 පැවැත්වීම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
