සිංහල අලුත් අවුරුද්දට ජනතාව දැඩි අර්බුදයක..වෙන්නේ මේකලු..දරන්න බැරි තරමට මිලත් ඉහළ යනවලු..
Food Shortages
Sinhala and Tamil New Year
Sri Lanka Food Crisis
Businessman
Latest Headlines
By Sewvandhi
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක කේ.බී ගුණරත්න පවසන්නේ, මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙන් 20%ක් පමණ අඩු වන බවයි.
ඔහු පෙන්වා දෙන්නේ, ඊට ප්‍රධාන හේතුව පොහොර නිසි වෙලාවට නොලැබීම හා පැවති ගංවතුර තත්ත්වය බවයි.
මේ හේතුවෙන් ඉදිරියටත් රජයට අනිවාර්යෙන් ම සහල් ආනයනය කිරීමට සිදුවන බව ඔහු පවසනවා.
ඔහු පවසන්නේ, මේ දක්වා 85% ක්ම වගා කර ඇත්තේ නාඩු සහල් බවත් කීරි සම්බා හෙවත් බී ජී 360 වගා කර ඇත්තේ ඊට වඩා අඩු ප්‍රමාණයක් බවයි.
මේ නිසා ඉදිරියේදී අනිවාර්යයෙන්ම සම්බා සහල්වල හිඟයක් ඇතිවන බවද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකවරයා පවසනවා.
ඔහු පවසන්නේ, ඒ අනුව ඉදිරි සිංහල අවුරුදු සමයේ සම්බා සහල් කිලෝවක මිල අධික ලෙස ඉහළ යනු ඇති බවයි.