යතුරුපැදිකරුට වන අලියෙකුගෙන් බිහිසුණු ප්‍රහාරයක්

mannarama elephnat attack maanthei paruppu kadanthaan madukkarei
By Sewvandhi May 17, 2021 08:40 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මන්නාරම මාන්තෙයි බටහිර ප්‍රාදේශීය ලොක්ම් කොට්ඨාශයේ පරුප්පු කඩන්තාන් ප්‍රදේශයේදී වනඅලියෙකුගේ පහරදීමකින් (16) තරුණයෙකු සුලුතුවාල පමණක් ලබා දිවි බේරාගැනීමට හැකිව ඇත.

අදාල තරුණයා පරුප්පු කඩන්තාන් ප්‍රදේශයේ සිට මඩුක්කරෙයි පිහිටි තම නිවසට යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේදී වැව් බැම්මකින් යතුරුපැදිය ධාවනය වන අවස්ථාවේදී කැලෑවේ සිට එකවරම වනඅලියෙකු පසුපසින් ලුහුබැඳ අවුත් පහරදී ඇති අතර එහිදී වනඅලියා විසින් එල්ල කරන ලද ප්‍රහාරය යතුරුපැදියට වැදී යතුරුපැදිය වැව දෙසට පෙරලී ගොස් ඇත.

අනතුරුව තරුණයා වැටුනු ස්ථානයේ පඳුරක සැඟවි සිටීම හේතුවෙන් වනඅලියාට සොයාගැනීමට නොහැකිව වනඅලියා පලා ගිය බවටත් යතුරුපැදියෙන් වැටීම හේතුවෙන් තරුණයාට සුලු තුවාල පමණක් සිදුව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now