නිරෝදායනය වෙමින් සිටි අයෙකු දිවි නසා ගනී

Covid 19 ශ්‍රී ලංකා කොරෝනා qurentine period
By Sithumi May 13, 2021 06:20 PM GMT
Sithumi

Sithumi

Report

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස තුළ නිරෝධායනය කර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගෙන ඇති බව මත්තේගොඩ පොලීසිය පවසනවා. සිය නිවස පිටුපස කොස් ගසක ගෙල වැළලාගෙන මොහු දිවි නසාගෙන ඇත්තේ පෙරේදා (11) දිනයේ යි.

පොල්ගස් ඕවිට, කිරිගම්පමුණුව පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු මෙලෙස මියගොස් තිබෙනවා. පසුගිය අලුත් අවුරුදු සමයේ දී මොහු බීමතින් යතුරුපැදියක් පැදවීමේ වරදට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවන අතර මෙම පුද්ගලයා සතුව රියැදුරු බලපත‍්‍රයක් ද නොමැති බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට පත් ඔහු පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහි දී රුපියල් 50,000ක දඩ මුදලක් නියම වී ඇති බව සඳහන්. කෙසේ වෙතත් එම මුදල ගෙවාගත නොහැකිවීම හේතුවෙන් මෙම පුද්ගලයාට බන්ධනාගාරගත වීමට සිදුව තිබෙනවා. පසුගිය 04 වැනි දා බන්ධනාගාරයෙන් නිදහස්ව නිවසට පැමිණීමත් සමග නිරෝධායන නීතිය අනුව මෙම පුද්ගලයාව දින 14 ක් නිරෝධායනයට ලක්කර තිබුණු අතර ඔහු සිය නිවස පිටුපස කොස් ගසක අඩි තිහක පමණ උසින් පිහිටි අත්තක ගෙල වැළලා ගෙන සිය දිවි හානි කරගෙන තිබූයේ එම නිරෝදායන කාලය අතරතුර යි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය, කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු පාරින්ද කොටුගොඩ මහතා පොලිසියට නියෝග කළා. සිරුරෙහි PCR පරීක්‍ෂණ වාර්තාව ලැබීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් මත්තෙගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා