පුද්ගලයකු බස් රථයක මිය යයි.. ඔහුට කොරෝනා..

Accident
By Thaya Feb 18, 2021 07:52 PM GMT
Report

කැකිරාවේ පිහිටි තම නිවස බලා බස් රථයකින් යමින් සිටි අයකු බස් රථය තුළම මියගොස් තිබේ. පසුව සිදු කරන ලද පරීක්‍ෂණයේදී ඔහුට කොරෝනා ආසාදිත බව මරණ පරීක්ෂණවලදී තහවුරු කරගෙන ඇත. මෙසේ මියගොස් ඇති 29 හැවිරිදි පුද්ගලයා උතුරු මැද පළාත් සභාවේ සේවකයෙකු වෙයි. ඉකුත් සඳුදා දිනයේ ඔහු මෙසේ හදිසි මරණයට පත් වී ඇත. ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මාර්ගෝපදේශ අනුව සිදු කර තිබේ.