සිර දඩුවම් විඳිමින් සිට නිදහස ලබා පැමිණ නැවත අපරාධ කල අයෙකු වැල්ලම්පිටියේදී අත්අඩංගුවට
Arrest
By Thaya
මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිර දඩුවම් පවා විඳිමින් සිට නිදහස ලබා පැමිණ නැවත අපරාධ සිදුකල පුද්ගලයෙකු වැල්ලම්පිටියේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වැල්ලම්පිටිය සිංහපුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරුවෙකු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
ඔහු සතුව තිබී විදේශයක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් සහ තියුණු ආයුධ 02 ක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
මෙම තැනැත්තා සම්බන්ධ අපරාධ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කල පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.