පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයෙකු වැලිගම දී අත්අඩංගුවට.

Police
By Thaya Mar 22, 2021 05:06 PM GMT
Thaya

Thaya

Report

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කළ පුද්ගලයෙකු වැලිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ඊයේ (21) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ මෙහෙයුමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබි රුපියල් ලක්ෂ 27ක මුදලක් ද සොයාගෙන ඇත.

ඔහු 42 හැවිරිදි මාවනැල්ල කිරිගංදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

සැකකරු මේ වන විට රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරයි.