සහරාන්ගේ වීඩියෝ ව අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා අත්අඩංගුවට
පාස්කු ප්‍රහාරය එල්ල කර පැය ගණනකට පසුව සහරාන් හෂීම් විසින් පුද්ගලයින් පිරිසක් සමඟ යම් ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝ ව අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (31) දින ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් එක් අයෙක් විසින් එම වීඩියෝ ව හා ඡායාරූපය අන්තර්ජාලයට මුදාහැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. එක් සැකකරුවෙක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා 32 හැවිරිදි තිහාරියේ පදිංචි අයෙකි.
සහරාන් හෂීම්ගේ අන්තවාදී මතවාදයන් අන්තර්ජාලය හරහා විකාශනය කිරීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට පත්ව ඇත. මේ පිළිබඳ අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “මොවුන් විසින් ‘වන් උම්මා‘ නමින් වට්ස්ඇප් කණ්ඩායමක් නිර්මාණය කරමින් අන්තවාදී මතවාද කටාර් රාජ්‍යයේ සිට විවිධ ආකාරයෙන් ප්‍රචාරය කර තිබෙන බවට වාර්තා වෙනවා. මේ පුද්ගලයින් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් කටාර් රාජ්‍යයේ රැකියා කරමින් සිට තිබෙනවා. පසුව අප විසින් කරන ලද දැනුම්දීමක් අනුව නොවැම්බර් 21 වන දින ඔවුන් කටාර් රාජ්‍යයෙන් පිටුවහල් කර ලංකාවට එවා තිබුණා. “