බස්නාහිර පාසල් විවෘත කරන්න පෙර නිසි සැලැස්මක් හදන්න

Colombo Schools Western Province
By Thaya Jan 21, 2021 02:09 PM GMT
Report

සියලු ශ්‍රේණි සදහා බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි මාසයේ වීවෘත කිරීමට පෙර නිසි සෞඛ්‍යාරක්ෂණ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ දැනට විවෘත කර ඇති පාසල්වලින් බහුතරයක නිසි පරිදි සෞඛ්‍යාරක්ෂිත යාන්ත්‍රණයක් නොමැති බවයි.